පිත්තාශයෙහි ගල්

පිත්තාශයෙහි ගල් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා ඒවා සොයා ගනු ලබන්නේ වෙනත් තත්ත්වයක් සදහා පරීක්ෂණ කරන විටය. ඔබට පිත්තාශයෙහි ගල් මගින් ඇතිවන රෝග ලක්ෂණ පවතී නම් ඔබගේ වෙදැදුරු හමුවන්න. එවිට ඔවුන් එයට හේතුව සොයා ගනු ඇත.

ඔබගේ වෛද්‍යවරයා හමුවීම

ඔබගේ වෙදැදුරු ඔබගෙන් විස්තරාත්මක ලෙස රෝග ලක්ෂණ විමසනු ඇත. සමහර අවස්ථාවලදී මර්ෆීස් සයින් ටෙස්ට් ( Murphy's sign test)යන පරීක්ෂණය සිදු කර පිත්තාශයේ ඉදිමීම පරීක්ෂා කරයි. මෙම පරීක්ෂණයේදී ඔවුන් අත හෝ ඇගිලි ඔබේ උදරයේ ඉහළ දකුණු ප්‍රදේශයේ තබා ඔබට හුස්ම ගැනීමට පවසයි. ඔබට එය වේදනාකාරීනම්, එයින් අදහස් වෙන්නේ ඔබගේ පිත්තාශය ඉදිමී ඇති බවත් ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත්ය. ඔබට ආසාදනයක් හෝ ඔබගේ අක්මාව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරිමට රුධිර සාම්පල පරීක්ෂාවක් නිර්දේශ කරනු ලබයි. පිත්තාශයෙහි ගල් පිත්ත නාලිකා වලට ගමන් කර ඇත්නම්, අක්මාවට හොඳින් ක්‍රියාකල නොහැකිය.

වැඩිදුර පරීක්ෂණ

ඔබගේ රෝග ලක්ෂණ හා පරීක්ෂණ ප්‍රතිඵල මගින් ඔබට පිත්තාශයෙහි ගල් ඇති බවට නිගමනය වන්නේ නම්, ඔබව වැඩිදුර පරීක්ෂණ සදහා යොමු කරනු ඇත. ඔබ එම රෝගයේ වඩාත් දරුනු අවදියක සිටීනම් එදිනම වැඩිදුර පරීක්ෂණ සදහා ඔබව රෝහල්ගත කරනු ඇත. අල්ට්රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound scan) පිත්තාශයෙහි ගල් ඇති බව තහවුරු කර ගැනීමට අල්ට්රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound scan) යොදා ගත හැක. මෙහිදී ඉහළ සංක්‍යාත ශබ්ද තරංග උපයෝගී කරගනිමින් සිරුර ඇතුලත රූපයක් නිර්මානය කරනු ලබයි. මෙහිදී යොදා ගනු ලබන අල්ට්රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound scan) වර්ගය ගර්භණී බව පරීක්ෂා කිරීමේදී යොදා ගන්නා ස්කෑන් වර්ගයට සමාන වේ, මෙහිදී ට්‍රාන්ස්ඩියුසරය (transducer) ලෙස හදුන්වනු ලබන අතින් හසුරුවන උපකරණයක් ඉහල උදරයේ සම මත තබා එහා මෙහා ගෙන යනු ලබයි. ශබ්ද තරංග ට්‍රාන්ස්ඩියුසරය (transducer) මගින් ඔබගේ සම හරහා සිරුර තුලට යවනු ලබයී. ඒවා ශරීරයේ පටක වල වැදී නැවත පැමිණ තිරයේ එම පටක වල රූපයක් නිර්මානය කරනු ලබයි. මේ වේදනා රහිත පටිපාටිය සම්පූර්ණ කිරිමට විනාඩි 10-15 පමණ ගතවේ. පිත්තාශයෙහි ගල් ඇති බව සොයා ගත් විට ඒවා සමහරක් පිත්ත ප්‍රනාල වෙත ගොස් ඇත්දැයි නිශ්චිතව කිව නොහැකිය. පිත්ත ප්‍රනාල වල ඇති ගල් සමහර අවස්වථා ලදී අල්ට්රා සවුන්ඩ් ස්කෑන් (ultrasound scan) මගින් පෙනේ. ඒවා නොපෙනුනද පරීක්ෂණ මගින් ප්‍රනාල අවහිර වී ඇති බව නිගමනය වන්නේනම්, MRI ස්කෑන් හෝ කොලැන්ජියෝග්‍රැෆි (cholangiography) යන පරීක්ෂණ කිරිමට සිදුවේ. MRI ස්කෑන් පිත්ත ප්‍රනාල වල ඇති ගල් පරීක්ෂා කිරිමට MRI ස්කෑන් සිදු කරයි. මෙම ස්කෑන් වර්ගයේදී ශක්තිමත් චුම්භක ක්ෂේත්‍ර හා ගුවන් විදුලි තරංග යොදා ශරීරයේ ඇතුළත විස්තරාත්මක රූපයක් නිර්මානය කරයි. කොලැන්ජියෝග්‍රැෆි (Cholangiography) - කොලැන්ජියෝග්‍රැෆි (Cholangiography) යන ක්‍රියාවලිය මගින් ඔබගේ පිත්තාශයෙහි තත්ත්වය පිලිබඳ වැඩිදුර විස්තර ලබා දිය හැක. කොලැන්ජියෝග්‍රැෆි (Cholangiography) පරීක්ෂණයේදී X කිරන මගින් පෙන්නුම් කරන ඩයි වර්ගයක් යොදා ගනී. මෙම ඩයි වර්ගය සැත්කම අතරතුර රුධිරයට හෝ ඍජුව පිත්ත ප්‍රනාල වලට විදීම හෝ එන්ඩස්කෝප්(endoscope) ආධාරයෙන් මුඛය හරහා යැවීම සිදු කරයි. ඩයි වර්ගය ඇතුල් කිරීමෙන් පසු X-ray රූප ගනු ලබයි. එමගින් ඔබගේ පිත්තාශයෙහි හෝ අග්න්‍යාශයෙහි අසාමාන්‍යතා හෙලි කරයි. ඔබගේ පිත්තාශය හා පිත්තාශ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වේනම්, ඩයි වර්ගය අවශෝෂණය වී යා යුතු තැන් වෙත ගමන් කරයි (අක්මාව, පිත්ත ප්‍රනාල, අන්ත්‍රය හා පිත්තාශය). පරීක්ෂණය අතරතුරේ අවහිරතා සොයා ගත් විට, වෙදැදුරු විසින් ඒවා එන්ඩස්කෝප් ආදාරයෙන් ඉවත් කරනු ලබයි. මෙය එන්ඩොස්කොපික් රෙට්‍රෝග්‍රේඩ් කොලැන්ජියෝ පැන්ක්‍රියටෝග්‍රැෆි (endoscopic retrograde cholangio pancreatography) ලෙස හදුන්වයි. CT scan- CT scan යොදා ගනු ලබන්නේ ගල් මගින් ඇතිවන අග්න්‍යාශප්‍රදාහය වැනි සංකූලතා සොයාගැනීමටයි. මෙම ස්කෑන් වර්ගයේදී ව්විද කෝණ වලින් X ray කිරන මාලාවක් යොදා ගනිමින් පරීක්ෂා කරයි. CT scan බොහෝවිට හදිසි අවස්ථාවලදී දැඩි උදර වේදනාව නිර්ණය කිරිමට යොදා ගනී.